Planted Tank එකක් maintenance කරන්නෙ කොහොමද?

How to do a maintenance for a planted tank

ප්ලාන්ටඩ් ටැංකියක් හදපු දවසෙ ඉඳන් පලමු සතිය තුල දිනපතා හෝ දවසක් හැර දවසක් water change කරන්න පුළුවන් නම් හොඳයි.. පස්සේ ටැංකිය season වුණාට පස්සේ සතියට දවස් 2ක් වගේ water change එකක් දෙන්න 30-40% ප්‍රමාණයක්..

මොකක්ද මෙ water change එක? Water change එකක් කියන්නේ ටැංකියේ පරන වතුර 30-40% ප්‍රමාණයක් අයින් කරලා අලුත් වතුර නැවත එකතු කිරීමයි.

අපි ඉස්සර හදපු මාලු ටැංකි වගේ මෙවා සුද්ද කරන්නේ නැහැ.. පස්සේ algae scraper or glass magnet එකක් අරන් හොඳට glass ටික clean කර ගන්නවා.. පුලුවන් නම් water change කරන්න කලින් හෝ ඒ අතර තුර glass ටික clean කර ගන්න..

මේ ටැංකියක භාවිතා කරන filter එක නම් මම සුද්ද කරන්නේ මාස තුනක්/හතරක කාලයකට පස්සේ..
ඒ filter material ටැංකියේ අයින් කරන පරණ වතුරෙන් ම සුද්ද පවිත්‍ර කර ගන්න..

මේ පැළ වලට අමතර පෝෂණය ලබා දෙන්න මම පිටතින් ජලජීවී හිතකර දියරමය පොහොර භාවිතා කරනවා. පැල වල වර්ධනය හා වර්ණය වැඩි කරන්න මෙවා උපකාරී වෙනවා..

ලංකාවේ ආර්ථික තත්ත්වය හා භාණ්ඩ වල මිල සමග දිනපතා මා හට පොහොර භාවිතා කිරීමට නොහැකිය. මෙ ටැංක් එකේ පොහොර භාවිතය සතියට දවස් 2/3ක් උපරිම වේ.

පැල කප්පාදු කිරීම- සාමාන්‍යයෙන් මසකට වරක් මෙ ටැංක් එක මම trim කරනවා. Stem plants වල උස වැඩි උනාට පස්සේ අපිට ලස්සන ට හැඩ වලට කපා ගන්න පුළුවන්…කාර්පට් එකත් එහෙමයි.

Light system එක දවසට පැය 7/8 පමණක් දෙන්න බලන්න…

මම පුරුද්දක් වශයෙන් මම මාලු ටැංකියට කෑම දෙන ප්‍රමාණයක අඩුයි.

Shopping Cart
Scroll to Top